Aug 11, 2022

අරගලයට සහාය දැක්වූ බ්‍රිතාන්‍ය තරුණියගේ වීසා අවලංගු කෙරෙයි

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ වීසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අගෝස්තු මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී ඇයගේ වීසා අවලංගු කොට ඇති අතර එම දිනයට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ.

ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාලුමුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වූවාය.

සබැඳි පුවත්

අරගලයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික කතක් ගැන පරීක්ෂණයක්!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top