Apr 26, 2017

'ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කලේ එජාප උවමනාවට'

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් තීරණාත්මක මොහොතකදි නෙරපා හැරීම එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (26) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

'පළිගැනීමක් නොවේ'

1111036184Duminda Dissanayaka Press Lමේ අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ''ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් එම තනතුරු වලින් ඉවත් කිරිමට කටයුතු කළේ පලිගැනීමේ චේතනාවකින් නොවන බව'' කියා සිටියේය.

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කිරීම සහ ඔහුගේ පුතු පළාත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන කතා කිරීමට තමන් අකමැති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top