Aug 11, 2022

සංචාරක හෝටල්වල වයින්, බියර් අළෙවිට අවසර

සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

මෙම තීරණය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස ගත් බවත් එම මෘදු මත්පැන් අළෙවි සඳහා වන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000 කට දීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top