Aug 11, 2022

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීම එහි අරමුණ වේ.

මේ අතර සංචාරකයින් රැගෙන යන වාහන සඳහා ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලු වාහන සඳහා මේ අනුව ඉන්ධන නිකුත් කෙරෙන බවය.

සංචාරකයින්ට අපහසුතාවයකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා මේ පියවර ගත් බව ද ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළේදීම විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top