Aug 11, 2022

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ලංකාවට මුල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා එක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති දරුවන් සහ පවුල් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

මෙලෙස ඔවුන් පරිත්‍යාග කර ඇති මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000කි.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මුදල ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින මෙරට දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වෙත සහන සැලසීම වෙනුවෙන් යුනිසෙෆ් ආයතනය හරහා පරිත්‍යාග කර ඇති බවය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top