Aug 11, 2022

පාද යාත්‍රාවෙන් කුමනට ප්ලාස්ටික් ටොන් 5ක් දාලා!

පාද යාත්‍රාවෙන් කතරගම බලා යන වන්දනාකරුවන් වෙනුවෙන් දින 15ක කාලයක කුමන ජාතික වනෝද්‍යානය විවෘත කිරීමෙන් පසු වන්දනාකරුවන් විසින් වනෝද්‍යානයට මුදාහළ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත්කළ බව ද කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාර ආර්.ඒ.ඩී.ඩී. සමරනායක මහතා පවසයි.

කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සිට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් කිලෝමීටර් 18ක් දුර මග දෙපස තිබී දිරා නොයන පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ටොන් පහක් හෙවත් කිලෝග්‍රෑම් 5,000ක් ඉවත් කළ බව සමරනායක මහතා ප්‍රකාශ කරයි.

මෙම අපද්‍රව්‍ය පුරා දින තුනක් තිස්සේ එකතු කරනු ලැබූ අතර වනජීවී නිලධාරීන්ට අමතරව යුදහමුදාවේ නිලධාරීන් 200 දෙනෙක් පමණද ඊට එක්ව සිටි බව උද්‍යාන භාරකරු වැඩිදුරටත් පවසා ඇත.

(මූලාශ්‍රය : අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top