Aug 11, 2022

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් අද කොළඹට

මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් තොගයක් අද (11) රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව එම පෙට්‍රල් තොගයට අදාල ගෙවීම් අවසන් කළ බව ඔහු නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වේ.

එම ඉන්ධන තොගය හෙට ගොඩබෑමට නියමිතයි.

Kanchana Tweet 22 08 11

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top