Aug 11, 2022

බඩඉරිගු ‍ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරන්න යයි

බඩඉරිගු ‍වගා කරන ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරවීම සඳහා අන්තර්ජාලය යොදා ගනිමින් වැඩ පිළිවෙළක් සකස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ ඉදිරි මහ කන්නයේ දී අපේ රටේ බඩඉරිගු වගාව විදිමත් කිරීම අරමුණු කරගනිමිනි.

මෙම වැඩ පිළිවෙළ ආරම්භ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රටේ සියලු ගොවීන් හා තොරතුරු ඇතුළත් ‍තොරතුරු පද්ධතියක් සහිත ජිඊඕ ගොවියා යන යෙදවුමේ එක් අංශයක් ලෙසයි.

පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර නොදීම හේතුවෙන් මෙරට බඩඉරිගු වගාව අඩාල වී ඇති බව සදහන් වේ.

මෙම විද්යුත් ලියාපංචිය කිරීම ඔස්සේ රටේ බඩ ඉරිගු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණය, ඔවුන් වගා කරන ඉඩමි ප්‍රමාණය, ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය සහ එම වගා බිම් පිහිටි නිවැරදි ස්ථානය ආදි සියලූ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇත.

එමගින් නිවැරදි දත්ත ලබා ගත හැකි අතරම බඩඉරිගු වගාව ක්‍රමවත්ව සිදුවන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(නිවුස් රේඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top