ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මීතේන් හිරවීමෙන් පිපිරීම් සිදුවන බවටත්, කන්ද නාය යන බවටත්, කන්දේ උස, කුණු ප්‍රමාණය මෙන්ම විවිධ විද්‍යාත්මක කරුණු කාරණා වැරදි දත්ත පදනම් කරගෙන සමාජගත නොකරණ ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.
කමිටු 03 යි අදියර 12 යි
මේ වන විට මීතොටමුල්ල කුණු කන්ද පුනරුත්ථාපනය කිරීම සඳහා කමිටු 03 ක් ආශ්රයෙන් අදියර 12 කින් කටයුතු කිරීම ආරම්භ කර ඇත. විද්වත් කමිටුවක්, ඉංජිනේරු කමිටුවක් සහ මෙහෙයුම් කමිටුවක් මහානගර සහ බසනාහිර සංවර්ධන අමාත්‍යාංශය මූලිකව ක්‍රියාත්මක වේ. එම කමිටු නියෝජනය කිරීම සඳහා භූ විද්‍යා සම්බන්ධයෙන් රටේ කටයුතු කරන සෑම ආයතනයක්ම නියෝජනය කෙරේ. එහිදී මොරටුව විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප්රමුඛව, භූ විද්‍යාව සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන මහාචාර්ය සමන් තිලකසිරි මහතාගේ ද උපදේශන දායකත්වය ලබා ගැනේ. ඊට අමතරව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මිනින්දොරු දෙපාර්තමේන්තුව, පතල් කැණීම් කාර්යංශය, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, මධ්‍යම ඉංජිනේරු ආයතනය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම සද්කාර්යයට පූර්ණ වශයෙන් දායක වේ. එක් එක් කමිටුව ආශ්රයෙන් ලබාදෙන නිර්දේශ ප්‍රායෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කිරීමෙ වගකීම ශ්‍රී ලංකා යුධ හමුදාව සිදු කරයි. අදාල නිර්දේශවල පළදායීතාව සහ නිරවද්‍යතාව පැයෙන් පැය අධ්‍යනය කිරීම සඳහා සැටලයිට් තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනේ.
ජපන් විද්වත් කණ්ඩායම සිදු කළ පර්යේෂණයේ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී අධ්‍යනය යොමු කෙරෙන අතර අත්‍යවශ්‍යම වූ විටක ඉදිරි සහය සඳහා ජපන් රජයේ විද්වත් දායකත්වය ලබාගැනීමට අපේක්ෂිතය. මේ මොහොතේ දී සමස්ථ කටයුතු සිදු කරන්නේ දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සන්දර්ශන පමණයි වගකීම ගත්තේ නාගරික සංවර්ධන අධිකාරිය
පූර්ණ වශයෙන් හානියට පත් නිවාස 98 ක් වෙනුවට දින 08 ක් ඇතුළත නව නිවාස ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවත් මාධ්‍ය ඉදිරියේ ජනප්‍රිය සන්දර්ශන පැවැත්වූවත් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම බාරගත්තේ නාගරික සංවර්ධන අධිකාරිය පමණක්ම බව ද සඳහන් කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ප්‍රධාන නගර 07 ක අවදානම් ස්ථාන
කූණු කන්ද ස්ථාවර කර පුනරුත්ථාපනය කිරීම ඉදිරි මාස 05 ඇතුළත සිදු කරන බවටත් කසළ කොපමණ ප්‍රමාණයක් ඉවත් කරනවාද අදාල ඉඩම කුමන ව්‍යාපෘතියක් සඳහා යොදා ගන්නවාද යන්න පිළිබඳ තීරණය ඉන් අනතුරුව සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අද වන විට රටේ ප්‍රධාන නගර 07 ක කුණු ගොඩගැසී අවධානම් ස්ථාන නිර්මාණය වෙමින් පවතී, එහිදී ප්රමුඛ වන්නේ මහනුවර, ගොහාගොඩ සහ ගම්පොළ ආශ්‍රිතව ගොඩනැගී ඇති කසළ කඳු දෙකයි. මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ද එම තත්වය උදාවෙමින් පවතී. ඒ සඳහා ගතයුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ දැනට ක්‍රියාත්මක කමිටු 03 ආශ්රයෙන් සැකසෙන කසළ කළමණාකරණයට අදාල මාර්ගෝපදේශ වගකිව යුතු අන්දමින් එහි වගකීම් දරණ ආයතන ඉටු කිරීම පමණක් බවද චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.