නිවසේදීම කසළ ප්රතිචක්රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (27) කොළඹදී "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" (Clean Lanka - Let's Begin From Home) යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි.
Sri Lanka CAN Foundation සංවිධානයේ අනුග්රහය යටතේ වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට එක් වූ මහාචාර්ය අජිත් අල්විස් මහතා කියා සිටියේ නිවසේ එකතුවන කසළ සියල්ල පිටතට බැහැර කිරීමේ ආකල්පය හේතුවෙන් රට තුළ කසළ අර්බුදයක් මතුව ඇති බවය.
මාර්ගයක් අසල ඉවත දමා තිබූ කසළ බෑගයක් එහිදී විවෘත කෙරුණු අතර එහි තිබූ කසළවලින් කොපමණ ප්රමාණයක් නිවාස තුළදීම ප්රතිචක්රීකරණය කළ හැකිය යන්න මහාචාර්ය අජිත් අල්විස් මහතා ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් එහිදී පෙන්වා දුන්හ.
(බීබීසී සංදේශය )