Apr 29, 2017

බහුබාලි - 2 ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි Featured

ඊයේ (28) ප්‍රදර්ශනය ආරම්භ කළ ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තිබේ.

ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලා 18ක සිනමා ශාලා හිමිකරුවන් විසින් එය ප්‍රදර්ශනය කිරීම විරෝධය දැක්වීම නිසාය.

ලංකාවේ ප්‍රධානතම දමිළ චිත්‍රපට ප්‍රදර්ශන සිනමා ශාලාවක්වන සිනේ සිටි සිනමා ශාලාවද මේ විරොධයට එක්වූ සිනමා ශාලා අතර තිබීම විශේෂිතය.

අදාළ, විරෝධයට හේතුවී ඇත්තේ එම සිනමා පටය ලංකාවට ගෙන්වූ නසුරුල්ලා නැමැති ව්‍යාපාරිකයා විසින් එහි ලාභ ප්‍රතිශත සිනමා ශාලාවලට අඩු කිරීම හා හිරෝස් හා රූබි යන සිනමා ශාලාවලට අදාළ සිනමා පටය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය

බහුබාලි

බහුබාලි චිත්‍රපටය ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගතවූ චිත්‍රපටයකි.

එහි දෙවැන්න මෙන්ම අවසන් කොටස ද වන ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ දෙමල සහ හින්දි යන භාෂා දෙකෙන්ම යුක්තය.

තෙළිගු සිනමාවේ සහ දමිළ සිනමාවේ සුපිරි තාරකාවන් වන ප්‍රබාස් - ෂිවුදු ලෙසින්ද , රානා ඩග්ගුබාති ‐ බල්ලාලා දේවා ලෙසින්, අනුෂ්කා ෂෙට්ටි -මහාරානි දේවාසේනා ලෙසින්ද  , තමන්නා‐අවන්තිකා ලෙසින්ද  , සත්‍යරාජ් ‐ කටප්පා ලෙසින්ද සහ රම්‍යා ක්‍රිෂ්ණන් ‐ ෂිවගාමී ලෙසින් රංගනයෙන් එක්වන මේ දැවැන්ත සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය එස්.එස්.රාජ්මෝලි විසින් සිදුකර ඇත.

අති සුපිරි තාක්ෂණයෙන් නිර්මාණය කෙරී ඇති බහුබලී‐2 චිත්‍රපටය ඉන්දීය රුපියල් බිලියන 2.5කට අධික පිරිවැය දරමින් නිපදවා ඇති අතර එය  ඉන්දියාව මූලික කර ගත් මිත්‍යා කතාවක් හා සටන්කාමී ලෙසින් නිර්මාණය කෙරුණු වෘත්තාන්ත චිත්‍රපටයක් වේ.

මෙහි ප්‍රධාන නළුවන් ලෙස රංගන එක්වන තෙළිඟු සිනමාවේ ප්‍රබාස් සහ රානා ඩග්ගුබාති ගේ පමණක් බර කිලෝ 150 ක් දක්වා වර්ධනය කර ගැනීම විශේෂත්වයකි.

මෙලෙස බර වැඩි කර ගැනීම සිදුව ඇත්තේ එම චිත්‍රපයේ රූගත කිරීම් වලදී ඔවුන් දෙපළට අධික බරැති ඇඳුම් පැළඳුම් පැළඳ සටන් ජවනිකා වලට පෙනී සිටීමට සිදුවීම නිසාය.

බහුබාලී චිත්‍රපටයේ දෙවැන්න ලෙසින්  “ බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන් ” චිත්‍රපටය ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීෂ් වාර්තා යළිත් බිඳ හෙළන චිත්‍රපටයක් වනු ඇතැයි සිනමා විචාරකයෝ පවසති.


සබැඳි පුවත්
එන්නත් කළින් බාහුබලී 2න් වාර්තාවක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]r.com දුරකථන - +94 114 546 362

Top