Apr 29, 2017

'මෝඩි එන්නේ ගිවිසුම් ගහන්න නෙමෙයි' - ජනපති

තමන්ගේ නිල ආරාධනයක් පරිදි මැයි මාසයේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සිය සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගි වීම හැර වෙනත් කිසිඳු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා එබව අවධාරණය කලේ, මඩකලපුව ඔඞ්ඩමාවඩි මහ විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (29) පෙරවරුවේ එක්වෙමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිතිකර ගැනීමට ගිවිසුමක් අත්සන් තැබීමට යැයි ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී පැවසිය.

එය ආණ්ඩු විරෝධී පිරිසක් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බව සඳහන් කල ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව පවසා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top