Apr 30, 2017

'වළදැමු LTTE රත්‍රන්’ සෙවූ DIG ගැන ජනපතිටත් රපෝර්තු කරලා Featured

මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අයත් බව කියන භුමියක එල්ටීටීඊ සංවිධානය විසින් වළදැමු බවට සැකකෙරෙන රත්‍රන් තොගයක් සෙවීමට පොලිස් පරීක්ෂක ෆොන්සේකා ඇතුළු දසදෙනා යොදවා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් බව ජනපතිවරයාට ලිපියක් මගින් දන්වා ඇතැයි ජනපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම පොලිස්පතිවරයා බිම හරමින් සිටි පොලිස් නිලධාරීන් බේරා ගැනීමට පුදුකුඩුඩරිප්පු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතාව යොදවා ඇති බවත්, ඔහු යුදහමුදා නිලධාරීන්ට බැණවැදී අත්අඩංගුවටපත් පොලිස් නිලධාරීන් රැගෙනගොස් මුදවා හැර ඇති බවද පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පුරාවිද්‍යා නිලධාරීන්ගෙන්ද සාවද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති බවද එම ලිපියේ දැක්වේ.

එසේම අදාළ පිරිස මුදවා ගැනීමට ආනන්දපුරම්, 681 බලකා යුදහමුදා කඳවුරේ අණදෙන නිලධාරී කර්නල් දිසානායක මහතාටද ඉහල හමුදා නිලධාරීන් ලවා බලපෑම්කර ඇති බව පැවසේ.

ජනපතිවරයාට යවා ඇති ලිපියේ පිටපතක් පහත දැක්වේ.

IMG 2670

IMG 2671

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top