Sathosa

Apr 30, 2017

''හමුදාවේ අය දේශපාලනයට ආවම 'ෆේල්'- ජනපතිට තේරිලා''

හමුදා සේවයේදී දක්ෂයින් ලෙස නමක් දිනාගෙන සිටි පුද්ගලයින් දේශපාලනයට පැමිණි විට 'ෆේල්' වනබව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හමුදා නිලධාරීන්ට දේශපාලනය නොගැලපෙන බව ජනාධිපතිවරයා ද තේරුම් ගෙන ඇතැයි ඔහු කියා සිටියි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් එබව පැවසු ඇමතිවරයා, මීට පෙර ද මෙරට දේශපාලන ඉතිහාසයෙන් ඊට උදාහරණ පවතින බව කියා සිටියේය.

ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ඒ සම්බන්ධයෙන් ඉඟියක් ද ලබා දුන් බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

"දේශපාලනයයි හමුදා පාලනයයි කියන්නෙ දෙකක්. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු හමුදාවේ ඉඳලා ඇවිත් ඡන්දෙ ඉල්ලුවාම වරක් පරාජය කලේ. ජනාධිපතිතුමාත් කැබිනට් රැස්වීමෙදි විහිළුවක් කරලා ඒ නිසා තමයි සරත් ෆොන්සේකාට කිව්වේ ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි කියලා.

හමුදාවේ ඉන්නකොට ඒගොල්ලො දක්ෂයෝ. ඒක සරත් ෆොන්සේකාටත් පොදුයි..ගෝඨාභය රාජපක්ෂටත් පොදුයි.. අනිත් අයටත් එහෙමයි. හැබැයි ඒ අය දේශපාලනයට ආපුවාම නිකං නෙමෙයි හොඳටම ෆේල්."

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top