Sep 22, 2022

"කෝප් කමිටුව නැත්තේ ගෑස් ටෙන්ඩරේ යට යනකන්" Featured

කෝප් කමිටුව පත් නොකරන්නේ ගෑස් මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසේ නව ටෙන්ඩරයේ සියලු කටයුතු අවසන් වන තෙක් ද යන සැකයක් තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කියයි.

ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රජයේ ආදායම් ඉහළ නැංවීමට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

‘‘ලිට්‍රෝ සමාගම මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසේ ගෑස් ටෙන්ඩරය තාක්ෂණික කාරණා කියමින් දැන් කල් මරමින් සිටිනවා . කලින් ආනයනය කළ මෙට්‍රික් ටොන් ලක්ෂයේ ගෑස් ප්‍රමාණය දැන් අවසන් අදියරේ තිබෙන්නේ. ඔක්තෝබර් මාසෙදි ගෑස් අවසන් වෙනවා. ඊට පසුව කරන්නේ හදිසි මිල දී ගැනීම්. ඒ සඳහා දැන් සූදානම් වෙමින් සිටිනවා ද කියන ප්‍රශ්නය තිබෙනවා. රුපියල් මිලියන තුන්දහස් දෙසියයක් ගහන්නයි මේ හදන්නේ. මේ ගැන කතා කරන්න කෝප් කමිටුව පත් කරන්න.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top