Sep 22, 2022

ගෑස් ඉල්ලුම පහළට : දෙසැම්බර් දක්වා වෙළඳපොළට ගෑස් නැහැ Featured

ගෑස් සඳහා පැවති දෛනික ඉල්ලුම සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඊට හේතු වී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම මේ වසරේ දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර් දේශීය වෙළෙඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ තීරණය ගෙන ඇත්තේ ලිට්‍රෝ සමාගමේ දැනට ක්‍රියාත්මක විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට වෙසෙන සිය ඥාතීන් වෙනුවෙන් නව සිලින්ඩර් ඇණවුම් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් බව පැවසේ.

රට මුහුණ පා ඇති ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම පසුගිය දා මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ය.

ඒ අනුව, මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ඩොලර් ගෙවා නව සිලින්ඩර් ඇණවුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ ය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top