Sep 22, 2022

විදුලි කප්පාදුව හෙට සිට දික්කරයි Featured

හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙන්ම විදුලි ඉල්ලුමේ හදිසි ඉහළයෑම මෙම පියවර ගැනීමට හේතුවී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක හා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top