Sep 23, 2022

ගල් අඟුරු ගෙන්වීමට යළි ටෙන්ඩරයක්; ගල් අඟුරු නැව් 21ක් පෝලිමේ Featured

ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ඉදිරි දින 60 ක කාලය තුළදී නැවත ටෙන්ඩරයක් කැඳවීමට කටයුතු කරන බව ලංකා ගල් අඟුරු සමාගම මේ වන විට දන්වා ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

මෙම ටෙන්ඩරය කැඳවනු ලබන්නේද මාස හයකින් ගෙවීමේ පදනම මත බවත් මින් පෙර පැවති ටෙන්ඩර් ඒ අනුව අහෝසි වන බවත් ඔහු සඳහන් කරයි.

නවතම ටෙන්ඩරයට අනුව ඕනෑම රටකින් ගල් අඟුරු මෙරටට ආනයනය කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බවද පැවසේ.

නව ටෙන්ඩර් කැඳවීමට අනුය ලියාපදිංචි කළ හෝ නොකළ ඕනෑම සමාගමකට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර යම් සමාගමක් ලියාපදිංචි කළ නොමැති නම් එම සමාගමේ පසුබිම සහ ඔවුන්ගේ අත්දැකීම් අනුව මෙයට ඉල්ලුම් කිරීමට කිසිදු ගැටලුවක් නැතැයිද ජනක මහතා කියයි.

ඒ අනුව කිසිවෙකුට මෙම ටෙන්ඩරයට එරෙහි වන්නට නොහැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ලබන ඔක්තෝම්බර් මාසය පමණ වන විට නව ටෙන්ඩරයට අනුව ගල් අඟුරු ගෙන්වා ගැනීමට කාලයක් නොමැති වුවත් රටේ එක්තරා වාසනාවකට අනුව ගිය වසරේ ඇණවුම් කළ ගල් අඟුරු නැව් 21 ක් මේ වසරේ පැමිණීමට නියමිත බවත්, මුදල් ලබාදීමට හැකියාව තිබේ නම් ගල් අඟුරු ගැටලුව විසදා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහු පැවසුවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top