Sep 23, 2022

දෙහිවල නැටුම් පිලේ මුල් පුරුක බන්දුල සමුගනියි!

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම අලියා වූ බන්දුල අලියා අද (23) මියගොස් ඇතැයි වාර්තා වේ.

බන්දුල අලියා මිය යන විට 79 වැනි වියේ පසුවිය.

මෙම හස්තියා 1943 වසරේදී අනුරාධ පුරයේ වනයේ සිය මවගෙන් මගහැරී වනජීවී නිලධාරීට හමුවී ඇති අතර පසුව අලියා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී තිබේ. 

එවකට බන්දුලගේ වයස අවුරුද්දක් විය.

1945 වසර එවක ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ වරයා වූ මේජර් ඕබ්රි වයමන් මහතා සත්වෝද්‍යානය පැවති අලි නර්තන කණ්ඩායමට එකතූ කිරීමෙන් එහි සිටි එකම හා මුල්ම සාමාජිකයාද වන අතර මෑත කාලයක් වනතුරුම නර්තන කණ්ඩායමේ ඉතාමත් කීකරු සාමාජිකයෙක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ආදරය දිනූ එකම සත්වයාද වේ.

සාමාන්‍යයෙන් වනගත අලි ඇතුන් වයස 60 - 80 අතර වන අතර , සත්වෝද්‍යාන තුල වෙසෙන එම සතුන්ගේ වයස වසර 80 ඉක්මවා යනු ලබන්නේ ලබන සත්කාර සෞඛ්‍ය පහසුකම් මත බවටත් සදහන් වේ.

පසුගිය දිනවල අසනීප තත්වය හා උපරීම වයස් සීමාවටද පැමිණ සිටි බැවින් සත්වයාට තම ශරීරය බර උසුලාගත නොහැකි මට්ටමට පත්වී සිටි බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top