Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 06, 2016

අයවැයට දැඩි ආරක්ෂාවක් Featured

යෝජිත 2017 අයවැයේ දී යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි බවට ලැබී ඇති තොරතුරුවලට අනුව අයවැය ඉදිරිපත් කිරීමට පෙර මහා භාණ්ඩාගාරය වෙත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු  යොදා ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධව මේ වන විටත් මහා භාණ්ඩාගාරයේ වැඩ බලන අධ්‍ය ක්ෂ ජනරාල්වරයා විසින් භාණ්ඩාගාර ලේකම්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා ලේකම්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්, මහා භාණ්ඩාගාරයේ පොලිස් ස්ථානාධිපති යන අය දැනුවත් කර චක්‍රලේඛයක් යවා ඇති බව ද වාර්තා වෙයි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව 2016 වසරේ භාණ්ඩාගාර පරිශ්‍රයේ ඇති සියලු ගොඩනැගිලි සහ අංශ 2016-11-07 සහ 08 යන දෙදින ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක් කිරීමට නියමිතව ඇත.

එහි දී සියලු දෙපාර්තමේන්තුවලට අයත් කාර්යාල ඒවායේ ඇති මේස, පුටු, අල්මාරි, ලාච්චු ඇතුළු සියලු දෑ පරීක්ෂා කරන බවත් අගුලු දා ඇති සියලු භාණ්ඩවල අඟුලු විවෘත කර තිබිය යුතු බවට ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එසේම 2016-11-07 සිට 11 වන දා දක්වා සතිය භාණ්ඩාගාර පරිශ්‍රය වෙත පැමිණෙන අමුත්තන් සීමා කර ඇති අතර මුදල් අමාත්‍ය, රාජ්‍ය මුදල් අමාත්‍ය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හැර අන් සියලු අයගේ රැස්වීම් තහනම් කර ඇත.

වැඩිදුරටත් වාර්තා වෙන පරිදි පොලිස් සුනඛයන් යොදාගෙන එම දිනවල භාණ්ඩාගාර පරිශ්‍රය සෝදිසි කිරීමට මෙන්ම පානීය ජල බෝතල්වල සිට ලිපි ලේඛන දක්වා වන සියල්ල අදාළ දිනයන්ට පෙර ගබඩා කර තබාගන්නා ලෙස ද දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top