''අපේ කාලයේ වෙඩි නොවදින වාහන ගෙන ආවේ එල්.ටී.ටී.ඊ. තර්ජනය නිසා, එදා ඒවා සිරිසේනලාටත් දුන්නා. අද පංච මහා බලවේගයට වගේම ආබාධිත රණවිරුවන්ටත් පහර දෙන හැටි දැක්කම වෙඩි නොවදින වාහන වෙනුවට වැහි නැති හෙණ නොවදින වාහන ගෙන්වන්න සිදුවෙලා''යි ඔහු කියා සිටියේ, ගාලුමුවදොර පිටියේ පැවති ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැලිය අමතමිනි.
''ගෝල්ෆේස් පිට්ටනිය ලක්ෂ ගණනක් ජනතාවගෙන් පිරවීමේ අභියෝගය බාරගත්ත අපි, පුළුවන් නම් ප්රාදේශීය සභා හා පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරනවා'' යයි ද ඔහු එහිදී කියා සිටියේය.
ප්රජාතන්ත්රවාදය ගැන කතා කළත් මැතිවරණයක් පැවැත්වීමට බය මේ ආණ්ඩුවට මැතිවරණයක් කියනකොට කකුල් ගැහෙමින් හීන් දාඩිය දමනවා යැයිද රාජපක්ෂ මහතා කීවේය.
https://sinhala.srilankamirror.com/news/3815-govt-has-to-import-lightning-proof-vehicles-mahinda-video#sigProId4374677dfa
https://sinhala.srilankamirror.com/news/3815-govt-has-to-import-lightning-proof-vehicles-mahinda-video#sigProId519a40c094