ඔහු මේබව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ ඊයේ (04) රාත්‍රී සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.
19 වැනි සංශෝධනයේ අරමුණ ?
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.
ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බීබීසීය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.
තමන්ට හා මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ සඳහා තරග කිරීම වැළැක්වීමේ අරමුණින් 19වැනි සංශෝධනය සම්මත කරගත් බව ඔහු ප්‍රකාශ කළේය.
එමගින් කිසිදු ජනාධිපති බලතලයක් අඩු නොවුණු බවද ඔහු අවධාරණය කර සිටියේය.
(බීබීසී සිංහල)
බැසිල් රාජපක්ෂ මහතා සමඟ කළ සම්පුර්ණ සංවාදය මෙතනින් නරඹන්න.