Sathosa

May 05, 2017

''මහින්ද ළඟ අදටත් පොලිසියේ 187ක් ඉන්නවා'' -සාගල Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා මේවනවිටත් පොලිස් නිලධාරීන් 187 දෙනෙකු රාජකාරි සඳහා යොදවා ඇතැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගෙන් පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ඉවත් කිරීම කර ඇත්තේ එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිසි තක්සේරුවකින් පසු බවත්, එය කිසිසේත් ම දේශපාලන අරමුණකින් හෝ පළිගැනීමේ අරමුණින් කළ දෙයක් නොවන බව ද ඇමතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම ලබන විට ඔහු විසින් ඉල්ලා ඇත්තේ යුද හමුදා වේ 102 ක් සහ පොලිසියේ 103 දෙනෙකු වුවත්, ඔහුට ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරීන් 203 ක් සහ විශේෂ කාර්ය බලකායේ 26 ක් ඇතුළුව ආරක්ෂක නිලධාරීන් 229 ක් ලබාදී තිබූ බවද ඇමතිවරයා පවසයි.

ආරක්ෂක තත්ත්ව සමාලෝචන වාර්තාවට අනුව දැනට නිලධාරීන් අතිරික්තයක් සිටින බැවින් ක්‍රම ක්‍රමයෙන් නියමිත සංඛ්‍යාව දක්වා වෙනස්කම් කිරීමට නියමිතව ඇතැයි පැවසු ඇමතිවරයා, මෙය සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවත් ප්‍රභුන්ගේ ආරක්ෂාව නිසි ලෙස තක්සේරු කිරීමෙන් පසු අඩු වැඩි කිරීම සිදුකරන බවද සඳහන් කළේය.

පොලිස්පතිගේ වැඩක් :

කෙසේවුවද, යම්හෙයකින් ඉදිරියේ පවත්වන සමාලෝචන මගින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය අඩු වැඩි කිරීමට සිදු වුවහොත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරනු ඇතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

මෙය හුදෙක් පොලිස්පතිවරයා විසින් ගන්නා ලද වෘත්තිමය ක්‍රියාමාර්ගයක් මිස දේශපාලන ක්‍රියාවක් නොවන බව ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට අදට සිටින්නේ ආරක්ෂක නිලධාරීන් 69ක් දෙනෙකු පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top