Sathosa

May 06, 2017

'FCID අඩපණ වී නැහැ' - පොලිසිය කියයි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) කිසිදු ආකාරයකින් අකර්මන්‍ය වී නොමැති බවත්, මූල්‍ය අපරාධ ඒකකය විසින් පවත්වාගෙන යන විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන කටයුතු අඩපණව ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබූ අතර ඒ සඳහා පිළිතුරු දෙමින් පොලීසිය මේ බව සඳහන් කරයි.

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ කාර්යයන් ඉතාමත් කාර්යක්ෂමව සිදුකරගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පිරිසක් මෑතකදි අනියුත්ක කළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ආණ්ඩුවේම වැඩක් !

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ සිදු වූ බරපතළ මූල්‍ය වංචා අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු කිරීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් පිහිටුවන ලද දුෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමීමට යහපාලන ආණ්ඩුවේම පිරිසක් ක්‍රියාත්මක වන බවත්, කෙලෙසක හෝ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමුණහොත් ඒ වෙනුවෙන් පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයද අකර්මන්‍ය වීම ඉබේම සිදුවෙන බවත් 'රාවය' පුවත්පත වාර්තා කරයි.

දුෂණ මර්දන ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමෙන් එහි ඇති වැදගත්කම අවබෝධ වෙයි.

එහෙත් හදිසියේ එය වසා දැමීමට කටයුතු යොදමින් සිටින බව හැඟවෙන්නේ රාජ්‍ය මාධ්‍යයක් වන 'දිනමිණ' පුවත්පතෙහිම දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එහි අරමුණු ඉටු වන ලෙස කටයුතු නොකර ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී තිබීමෙන්ය.


සබැඳි පුවත් :

දුෂණ මර්ධන කාර්යාල වහයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top