May 09, 2017

"කිසිඳු කැබිනට් සංශෝධනයක් නැහැ” - රාජිත

කිසිඳු ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඇමතිවරයා එබව අවධාරණය කර සිටියේය.

කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ බවත්, ඒ පිළිබදව මාධ්‍ය වාර්තා පමණක් පළ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයක් ස්ථාපිත කරන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, සෑම පක්ෂයකම මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සිටිම හොද ලක්ෂණයක් බවයි.

මේ පිළිබදව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු කල බවත්, තමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කළ අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා සමග පෞද්ගලික ගැටළුවක් නොමැති නමුත්, දේශපාලන ගැටළුවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top