Connect with us

පුවත්

40ක් රෝහල් යැවූ නුවරඑළියේ බස් අනතුර

Published

on

නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථය මාර්ගය හරහා පෙරැලීමෙන් තුවාල ලැබූ හතලිස් දෙනකු නුවරඑළිය දිස්ත්‍රික්මහ රෝහලට ඇතුළු කළ බව නුවරඑළිය පොලිසිය පවසයි .

කාන්තාවන් පස් දෙනකු හා පිරිමි පුද්ගලයින් 35 දෙනකු  තුවාල ලැබූ පිරිස අතර සිටින බව පොලීසිය සඳහන් කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා වාර්ෂික චාරිකාව යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇතැයි පොලීසිය කියයි.

(ලංකාදීප)

පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

Continue Reading

පුවත්

ආහාර කිහිපයක මිල පහළට

Published

on

By

ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වේ.

පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබේ.

Continue Reading

පුවත්

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Published

on

By

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඒ, සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර මරණකරු අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින අතර ඔහුට වයස අවුරුදු 60ත් 65ක් පමණ විය හැකි බවයි පොලීසිය පවසයි.

එම පුද්ගලයා උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved