Sathosa

May 13, 2017

'කැබිනට් සංශෝධනය වෙනවාමයි' - ජනාධිපති

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත.

මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංහෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම ඇමති මණ්ඩල සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ හා රටේ යහපත සදහා විවිද පාර්ශවයන්ගේ ඉල්ලීම මත යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වෙසක් පෝය සදහා තවම බැස ගොස් නැතැයිද එය තවම හොදට පායා ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙම කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.

 අල්ලස් දන්සල් :

මේ අතර,  ඉදිරියේ දී සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දී තමන්ගේ ඇමැතිකම් මාරු වීම වළක්වා ගැනීම සඳහා ඇතැම් ඇමතිවරුන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලපෑම් කිරීම සඳහා අල්ලස් දෙමින් සිටින බව සති අන්ත 'සත්හඬ' පුවත්පත වාර්තා කර තිබේ.

ඒ වෙනුවෙන් ප්‍රබල ඇමතිවරයකු නායක හිමිවරු කිහිප නමකට වාහන පුජා කර ඇති බවත් හා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රීකම් ලබාදෙමින් මහජන මුදලින් වරදාන හා වරප්‍රසාද ලබාදී ඇති බවත් වාර්තා කර ඇති එම පුවත්පත, තවත් ඇමතිවරයකු ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ හිතවතුන්ට සිය අමාත්‍යංශ හරහා යටතේ ඇති සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් ලබාදෙන බවට පොරොන්දු වෙමින් සිටින බව ද සඳහන් කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top