May 14, 2017

'දෙමළ ජනතා සංහාර අනුස්මරණ සතිය' ඇරඹේ (වීඩියෝ) Featured

යුද්ධයෙන් ඝාතනය කෙරුනු දෙමළ ජනතාව සමරන 'දෙමළ ජනතා සංහාර අනුස්මරණ සතිය' උතුරු පළාත් සභාවේ මූලිකත්වයෙන් උතුරේදී ඊයේ (13) දියත් කරන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ඝාතනය කරන ලද සිය ගණනක් වලදමා ඇති බවට සැක කෙරෙන යාපනයේ චෙම්මනියේ විලක්කු දැල්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුනු වර්ග සංහාර සතිය අවසන් වන්නේ උතුරේ මහ ඇමැති ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් සමරුව පැවැත්වෙන මැයි දහ අට වැනිදාය.

මෙම සැමැරුම 'දෙමළ ජනතා සංහාර සතිය' වශයෙන් මෙවරත් නම් කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවැසීය.

 මෝඩි දෝෂ දර්ශනයට :

මරා දමන ලද දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව සමරන සතියක ආරම්භයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ වෙසක් මහෝත්සවයක පෙරමුණ ගැනීමට පැමිණීම සංවිධායකයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

“වර්ග සංහාරයට උදව් කළ ඉන්දියාවේ රාජ්‍ය නායකයා දෙමළ ජනතාව ශෝක සැමරුමක යෙදෙන සමයක ශ්‍රී ලංකාවේ රජය සමග විනෝද වීමට පැමිණි,” බවට උතුරේ පළාත් සභා මන්ත්‍රිනී අනන්දි ශෂිධරන් මහත්මිය චෝදනා කළාය.

මුල්ලිවයික්කාලේදී මරා දමන ලද සිය ගණනකගේ නම් කෙටූ ශිලා පුවරු සිහිවටනයක් ඉදිකිරීම සඳහාමේ දිනවල සැකසෙමින් පවතී.

(radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top