May 15, 2017

'2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි' - නිර්මාල්

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 2020 දී මේ රටේ ජනාධිපතිවීම නියත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

අධ්‍යාපනික කටයුත්තක් සඳහා මේ දිනවල ජර්මනියේ ගොස් සිටින දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එබව සඳහන් කර ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීම ගැන පලවූ අදහසක් උපුටා දක්වමින් 'රාජපක්‍ෂ කදවුර දේශපාලනිකව ඉතා දියුණුයි' යයි ඔහු කියා සිටියි.

'' විමල් විරවංශ ලවා සාමාන්‍ය පොදු ජනතාවගේ ඉන්දීය විරෝධය අවුළුවා එයින් ලකුණු දා ගන්නා අතර, එය ගැටළුවක් කර නොගෙන මහින්ද ඉන්දීය අගමැති හමුවීමට තීරණය කරයි. ඒ, නලින් ද සිල්වා ''මහින්ද අපිව  රැවට්ටුවාද ?'' කියන ප්‍රශ්නය අසද්දිය. එසේවුවද එය නලින්ගේ අනුගාමිකයින්ට ප්‍රශ්නයක් නොවේ. ඒ අය සොයන්නේ එම ප්‍රශ්නයේ ව්‍යංගාර්ථයයි.'' 

මෝදි-මහින්ද-ගෝටා හමුව ගැන නිර්මාල්ගේ විචාරය මෙන්න..


Nirmalfbpost

සබැඳි පුවත් :


මෝඩි හමුවීමට ගෝඨාත් ගිහින් 


මෝදි - මහින්ද හමුවක් 


ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නේ නෑ - ගෝඨාභය (හඬපටය) 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top