OPEN

#

OPEN

#

May 15, 2017

ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම අත්හිටුවයි !

පෙත්සම් විභාගය අවසන් වනතෙක්, ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළේය.

ගීතා කුමාරසිංහ ගොනුකළ පෙත්සමක් අද(15) ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් අනතුරුව මේ නියෝගය කර තිබේ.

ඇය ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය දීර්ඝ කරන ලෙස අදාළ පෙත්සමින් ඉල්ලා ඇත.

ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය ඉකුත් 3 වැනිදා තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අද (15) දක්වා ක්‍රියාත්මකවීම අත්හිටුවමින් තාවකාලික අතුරු නියෝගයක් ඉකුත් 12 දා නිකුත් කර තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top