Sathosa

May 18, 2017

''අර්ජුන්, මහ බැංකුවේ ලක්‍ෂ 668ක් පෞද්ගලික වැඩට අරන්'' Featured

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ මුදල් රුපියල් ලක්‍ෂ 668ක් සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කර ඇති බවට චෝදනා කරමින් 'දූෂණ විරෝධී හඬ' පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

අදාළ පැමිණිල්ලට මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මුදල් මණ්ඩලයත්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මුදල් මණ්ඩලයත්, මහ බැංකුව භාර අමාත්‍ය අගමැති රනිල් වික්‍රමසිංහත් වග උත්තරකරුවන් ලෙස නම් කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසිය.

එම පැමිණිල්ල ඉදිරි දින කිහිපයේදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සමරසිංහ මහතා කීවේය.

ක්‍රෙඩිට් කාඩ් හරහා ලක්‍ෂ 334ක්:

මීට ඉහතදී මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිදරව් වූ කරුණු අනුව මහ බැංකු හිටපු අධිපතිවරයා සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මහ බැංකුවේ මුදල් රුපියල් ලක්‍ෂ 668ක් අවස්ථා 163කදී බිල් රහිතව පරිහරණය කර ඇති අතර ඉන් රුපියල් ලක්‍ෂ 334ක් ක්‍රෙඩිට් කාඩ්  හරහා භාවිත කර ඇති බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එම වංචනික ක්‍රියාවලියට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් මහ බැංකු අධිපතිවරයා අද වනතුරු කටයුතු නොකිරීමටද බලවත් සැකයකට තුඩුදී ඇති බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉහත කී සියලු පාර්ශ්ව මෙයට වගකිව යුතු බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top