Pasidol
Sathosa Ad Final Sinhala
May 19, 2017

පොලිසිය, මුල්ලිවයික්කාල් සමරුවේ සංවිධායකයන් පසුපස!

ඊයේ (18) මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් හි පැවති සමරු උත්සවයේ සංවිධානය කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් ගත් පූජ්‍ය එලිල් රාජන් පියතුමා හට වව්නියාවේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට වාර්තා කරන මෙන් පොලිසිය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

ඒ, වසර 2009දී යුද්ධයෙන් මියගියවුන් සැමරීමට පැවති එම සමරු උත්සවය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ය. මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි පැවසේ.

ඊයේ පස්වරුවේදී සිදුකළ මෙම කැඳවීම අනුව, නීතිඥවරයෙකු හා තවත් කතෝලික පියතුමන් කිහිපදෙනෙකු සමග එලිල් රාජන් පියතුමා අද දිනයේදී වව්නියාවේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට වාර්තා කර තිබේ.

ඊයේ පැවති සමරු උත්සවයට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේස්වරන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම දකුණේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ද සහභාගී වූහ.

සබැඳි පුවත් :

මුල්ලිවයිකාල් සැමරුම සම්න්ධන්ගේ මූලිකත්වයෙන් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top