Pasidol
Sathosa Ad Final Sinhala
Nov 09, 2016

බැඳුම්කර සිද්ධියේ කරුණු 5ක් ගැන විශේෂ අවධානයක් Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය හා සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පිළිබඳ නීතිමය පියවර ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුව කරුණු පහක් ඔස්සේ අධ්‍යයනය කරගෙන යන බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පවසයි.

බැඳුම්කර නිකුතුව නිසා නිකුත් කර තිබෙන බැඳුම්කර පිළිබඳ නීතිමය ගැටලු මතු වී තිබේද?

ඒ සඳහා යොදාගත් ක්‍රමවේද මොනවාද?

රජයට මහ බැංකුවට මේ නිසා අලාභයක් සිදු වී තිබේද?

 නිලධාරීන් හෝ පෞද්ගලික අංශයෙන් යම් අපරාධමය වගකීමකට භාජනය වන හැසිරීමක් සිදුවී තිබේද?

නීතිමය පියවර ගත හැකි යම් නීතිමය ගැටලු මතුවී තිබේද?

නමැති කාරණා පහ ඔස්සේ අධ්‍යයනය සිදුකරගෙන යන බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

කෝප් වාර්තාව සහ විගණන වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙනි.

කතානායකගේ අවසරය :

මේ වාර්තාවට අදාළ ඇමුනුම් විසි ගණනක් පමණ තිබේ. එයින් ඇමුනුම් භාගයක් පමණ ලැබී ඇති අතර, ඉතිරි ඇමුනුම් ලබාගැනීම අවශ්‍යතාවකි.

ඊට අමතරව පිරිසක් ප්‍රකාශ ලබා දී තිබෙන අතර ඒවායේ පිටපත් ලබාගැනීම හෝ එසේ නැතිනම් එම ප්‍රකාශවල පිටපත් පරීක්ෂා කිරීමටත් අවශ්‍යව ඇත.

එබැවින් ලැබිය යුතු ඇමුනුම් සහ ප්‍රකාශ පිටපත් ලබාගැනීමට කතානායකවරයාගේ අවසරය ලබා ගැනීමට නීතිපතිවරයා ඉදිරියේ දී පියවර ගනු ලැබේ.

නීතිපතිවරයා විසින් පත් කර තිබෙන නීති විශාරදයන් තිදෙනකුගෙන් සැදුම්ලත් කමිටුවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු රජයේ නීතිඥවරයකු අයත් වෙති.

තවත් පැමිණිල්ලක්

මේ අතර, මහ බැංකු  බැඳුම්කර  සිද්ධිය පිළිබඳව ලැබී ඇති  පැමිණිලි ගැන වහාම පරික්ෂණ සිදු කර අදාළ සියලු චුදිතයන්  අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින්  'දුෂණ විරෝධී පෙරමුණේ' සාමාජිකයෝ  ඊයේ (08) අල්ලස්  හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීල්ලක් ඉදිරිපත් කළහ.

චමිර පෙරේරා, අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ඊට එක් වුහ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ  ලේකම්, ඇමැති මහින්ද අමරවීර මහතාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top