Sathosa

May 31, 2017

'අගමැති රට ගියේ ප්‍රතිකාර ගන්න' - සෞඛ්‍ය ඇමති Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු එබව කියා සිටියේය.

අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බව සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. 

සංචාරයට පෙර බිලියන 02ක් වෙන්කරලා :
මේ අතර  ශ්‍රී ලනිප මූලස්ථානයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුයේ, අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර දුන් බවයි. 

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාවගේ ආර්ථිකය නැංවීම සඳහා "සෞඛ්‍ය සහ ස්වශක්ති" නමින් සහන ණය ක්‍රම දෙකක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා බිලියන 02ක මුදලක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආපදා සහන කමිටුව පෙරේදා (29දා) තීරණය කර තිබිණ. 

ඒ අනුව අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ල දැනුවත් කරන ලෙස මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top