May 31, 2017

විපතට පත්වූවන්ට රක්‍ෂණ භාර අරමුදලින් වන්දි

ගංවතුරින් සහ නායයැම්වලින් විපතට පත් අයට සහ හානි වූ දේපළවලට ජාතික රක්‍ෂණ භාර අරමුදලින් වන්දි ගෙවීම සඳහා ඊයේ (30 දා) ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අනුව බිලියන 15 ක්‌ (රු.කෝටි 1500 ක්‌) දක්‌වා එම අරමුදලින් වන්දි ගෙවීමට අවස්‌ථාව තිබෙන බවත් මේ අනුව දැනටමත් රු. කෝටි 12.5 ක මුදලක්‌ අදාළ අවශ්‍යතා සඳහා මුදාහැර ඇති බවත් වැඩබලන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමැති නිරෝෂන් පෙරේරා මහතා කීවේය.

ගංවතුර විපත් වෙනුවෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදල ප්‍රතිරක්‍ෂණයක්‌ ලබාගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

අදාළ කැබිනට්‌ අනුමැතිය ප්‍රකාරව අදාළ වන්දි ගෙවීම් කටයුතු සඳහා වරින්වර ජාතික රක්‍ෂණ භාර අරමුදලින් ගෙවීම් කිරීමට ඉඩ ලැබෙන බව ද ඇමැතිවරයා පැවසිය.

මේ සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව වැඩබලන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (30 දා) ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top