Sathosa

May 31, 2017

''අමාත්‍යාංශවලට අදාළ ආයතනත් ව්‍යවස්ථාවෙන්ම නම් කරන්න වෙයි' - ඉරාන් Featured

පවත්නා දේශපාලන ස්වභාවය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍යාංශ ප්‍රමාණය හා එම අමාත්‍යාංශ මොනවාද යන්නත් නම් කළයුතුව ඇතැයි ඊයේ (30) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේය.

රටේ නායකයන්ගේ අවශ්‍යතාවන් මත අමාත්‍යාංශ වෙනස් කිරීමට ඉඩක් නොතැබිය යුතු බවද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට නම් එවැනි වැඩපිළිවෙලකට යායුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් දැන් පවතින තත්ත්වය අනුව අමාත්‍යාංශ පමණක් නොව ඒවාට අදාළ වන ආයතනද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නම් කිරීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

සියල්ලට ප්‍රථමයෙන් රට හැදීමට නම් දේශපාලකයන් නිවැරදි ප්‍රතිපත්ති සකස් කර ගත යුතු බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

(ලංකා නිව්ස් වෙබ්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top