‘‘වැල්ලවත්ත ඛේදවාචකයෙන් අසරණ වූ පුද්ගලයින්ට යුක්තිය ඉටු උනේ නැහැ.’’ ‘‘වැල්ලවත්ත ඛේදවාචකයෙන් අසරණ වූ පුද්ගලයින්ට යුක්තිය ඉටු උනේ නැහැ.’’
Jun 01, 2017

'අනවසර ඉදිකිරීම්වලට එරෙහි ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි' Featured

අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නැගී සිටින ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍ය බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ වැල්ලවත්ත අනවසර ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධව පසු විපරමකින් පසු සිදුකළ විශේෂ ප්‍රකාශයක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

''කණගාටුවෙන් ප්‍රකාශ කරනවා වැල්ලවත්ත ඛේදවාචකයේ වගකිව යුතු පුද්ගලයා ඉතාම සුළු කාලයක් ඇතුළත, ඔහු කිසිම හිරගෙදරක ලගින්නේ නොමැතිව ඇප ලැබුණා. මේ පිළිබඳව ඇත්තටම කණගාටුවෙනවා.

මන්ද මියගිය පුද්ගලයන් ඉතාම අසරණ මිනිසුන්. එම අසරණ පුද්ගලයින්ට යුක්තිය ඉටු උනේ නැහැ. ඒනිසා අධිකරණය ඇතුළු සියලූ ක්‍ෂෙත්‍රවලට කියන්නේ මේ පාරිසරික ව්‍යසනයන් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් යුක්ති සහගත වෙන්න ජනතාවට. හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා...

මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් හැමදේටම උද්ඝෝෂණය කරන, බොරු වීරයන් බවට පත්වෙන්න වෙර දරණ අයට මේවැනි අසාධාරණ ක්‍රියාවන් සම්බන්ධයෙන්ද ඉදිරිපත් විය යුතුයි.

විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් අනවසර ආකාරයෙන් ජලමාර්ග අවහිර කිරීම්වලට එරෙහිව නැගී සිටින ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍යයි.

ඒ වගේම නීතිවිරෝධි කඳු එළි පෙහෙලි කිරීම්, නීති විරෝධි ජනාවාස ඉදිකිරීම කරන අය මතක තබා ගත යුතුයි, මේ සියළු දෙනාම ජීවත් වන්නේ තමා ගොඩ නගාගත් සොහෝනේ බව'' යයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top