Jun 02, 2017

අගමැතිට 'බයිපාස්' කතා බොරු' - දින කිහිපයකින් යළි දිවයිනට Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙක තුනකින් යළි දිවයිනට පැමිණීමට නියමිත බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

අගමැතිවරයාට ඇමරිකාවේ රෝහලකදී හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකද එම නිලධාරියා එබව සඳහන් කළේය.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමරිකාවට ගිය අගමැතිවරයා, ඊට අදාල පරීක්ෂණ සිදුකර ඇති අතර, ඔහුට සැත්කමක් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එහි විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

අගමැතිවරයාගේ සුවදුක් බැලීම සඳහා අමාත්‍යවරුන් දෙතුන් දෙනෙකු ඊයේ ඇමරිකාවට යාමට නියමිතව සිටියද අගමැතිවරයා සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබීම නිසා ඔවුන්ගේ ගමන් අවලංගුකර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර පමා කිරීමට හේතුව?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 30දා පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බව සෞඛ්‍ය ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

සබැඳි පුවත්
'අගමැති රට ගියේ ප්‍රතිකාර ගන්න' - සෞඛ්‍ය ඇමති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top