Sathosa

Jun 02, 2017

''ඥානසාර හිමි කරන්නේ සිවාජිලිංගම් කරන දේමයි''

උතුරේ සිවාජිලිංගම් විවිධ මත ප්‍රකාශ කරමින් සිටිනවා සේම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන්නේ දකුණේ මත ප්‍රකාශ කිරීම බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී දෙමළ මාධ්‍යවේදීන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කළ විමසුමකදී ආණ්ඩුකාරවරයා මේ අදහස් දැක්වීය.

එසේම විවිධ පුද්ගලයන් සතුව ඇති හුරුපුරුදු වෙනස් කළ නොහැකි ඒවා බවත් ආණ්ඩුකාරවරයා එහිදී පැවැසීය.

එසේම යාපනයේ ඉදිවන නාවක්කුලිය විහාරය පිළිබඳවද ආණ්ඩුකාරවරයාගෙන් එම මාධ්‍යවේදීන් කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ දකුණේ කෝවිල් ඉදිවන විට දකුණෙන් ඒ සම්බන්ධව ගැටලු පැන නොනඟී නම් උතුරේ වෙහෙර විහාර ඉදිවීමේ ගැටලුවක් ඇති විය නොහැකි බවයි.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top