Jun 04, 2017

'යහපාලනය දිගුකරන්න නව ගිවිසුමක්‌' Featured

සම්මුති ආණ්‌ඩුවේ කාලය තවදුරටත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

මේ සඳහා වන මූලික සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ප්‍රධාන පක්‍ෂ දෙක අතර මීට ඉහතදී ඇතිකරගත් ගිවිසුම අගෝස්‌තු මාසයෙන් අවසන් වීමට නියමිත වුවද එහි සඳහන් එකඟතාවලින් බොහොමයක්‌ ගතවූ වසර දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් එවැනි කරුණු ද සැලකිල්ලට ගනිමින් ඉදිරි අභියෝග ජයගත හැකි කරුණු රැසක්‌ නව ගිවිසුමට ඇතුළත් කෙරෙන බව අමරවීර මහතා පැවසීය.

2020 න් පසු ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ :

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ව පිහිටුවාගෙන ඇති ඒ සම්මුති ආණ්‌ඩුවේ ගමන්මඟ වෙනස්‌ කිරීම සඳහා ඇතැම් පාර්ශ්ව උත්සාහ ගත්තද 2020 වනතෙක්‌ ආණ්‌ඩුව වෙනස්‌ කළ නොහැකි බව ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද අදහස වී තිබෙන්නේ 2020 න් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බවත් ඒ සඳහා වන ප්‍රතිසංස්‌කරණ පක්‍ෂය අභ්‍යන්තරයේ දැනටමත් සිදුකරමින් යන බව මහලේකම් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top