Pasidol
Sathosa Ad Final Sinhala
Nov 09, 2016

මෛත්‍රී හා රනිල් ට්‍රම්ප්ට සුභ පතයි !

අමෙරිකානු ජනපතිවරණයෙන් ජයගත් රිපබ්ලිකන් පක්ෂ අ‍පේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුබපතා තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අමෙරිකානු ජනපතිට ඔහුගේ ජයග්‍රහණයට සුබපතා ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපතමින් සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනපති ඇතුළු කණ්ඩායම සමග ඉදිරියේදී ශ්‍රී ලංකාව සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මහින්දත් සුබපතයි !

මේ අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සබපැතීමේ සටහනක් තබමින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් සියල්ලටම වඩා රටට ආදරය කරන පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය පෙන්නුම් කළ බව සඳහන්කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top