Sathosa

Jun 05, 2017

'ආගම්වාදය පතුරන පූජකයන්ට දඬුවම් දිය යුතුයි' -එස්.බි. (ඡායාරූප)

ජාතිවාදය හා ආගම්වාදය යනු තිරිසන් ගොත්‍රීක ලක්ෂණ බවත්, ජාතිවාදය හා ආගම්වාදය අවුළුවන හාමුදුරුකෙනෙක් හෝ වෙනත් පූජකයෙක් වේනම්, එවැනි අයට දැඩි දඬුවම් පැණවිය යුතු බව සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ පොරමඩුල්ල මාධ්‍ය මහ විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයේදීය.

ඊයේ පැවැති එම උත්සවයේ දී ඇමැතිවරයා පොරමඩුල්ල මාධ්‍ය මහ විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ කිසි දිනෙක ජාතිවාදී හා ආගම්වාදී නොවී සියළු ජාතීන්ට හා ආගම් වලට ඉහලින් සළකන පුද්ගලයන් බවට පත්වන ලෙසයි.

ඇමැතිවරයා උත්සවයේදී මෙසේද කීවේය.

මේ සියළු දෙනා එකිනෙකාට සම්බන්ධ කම් තියෙනවා:

'' අපේ රටේ පළමු රජතුමා හැටියට සළකන්නේ පණ්ඩුකාභය රජතුමා. විජය කුමාරයාට ඉන්දියාවෙන් ගෙනාපු බද්දකච්ඡායනා කුමරිය සමඟ ආපු ඇයගේ සහෝදරයන් 06 දෙනෙකුගෙන් එක් සහෝදරයෙක් යක්ෂ ගොත්‍රීක කාන්තාවක් විවාහ කරගෙන ඉපදුනු දරුවා හැටියට තමයි පණ්ඩුකාභය රජතුමාගේ ඉතිහාස කථා වල සඳහන් වෙන්නේ.

මේ ලෝකේ හඳුනාගත් භාෂාවන් 7742 ක් තියෙනවා. මේ සියළු දෙනා එකිනෙකාට සම්බන්ධ කම් තියෙනවා. අපි වැඩියෙන්ම සම්බන්ධ ඉන්දියාවට. අපේ භාෂාවේ හුඟක් දෙමළ වචන, පාලි වචන, සංස්කෘතික වචන තියෙනවා. “ අච්චාරු ” , “ කොකිස් ” , යන වචන ලන්දේසි පෘතුග්‍රීසී වචන. ඉංග්‍රීසී වචන අපේ භාෂාව වෙලාගෙන තියෙනවා.

ඒ නිසා දරුවනේ කවදාවත් ජාතිවාදී ආගම්වාදී වෙන්න එපා. එවැනි සිදුවීම් දැන් වෙනවා. ජාතිවාදය අවුස්සන හාමුදුරු කෙනෙකු හෝ වෙනත් පූජකයකු වුනත් දැඩි දඩුවම් පැණවිය යුතුයි. ආගම්වාදය,ජාතිවාදය තිරිසන් ගෝත්රික ලක්ෂණයි. මේ දරුවෝ කවුරුත් මේවා ඉගෙන ගන්න එපා.මගේ හොඳම මිත්‍රයා පොරමඩුල්ල පාසලේ හිටපු රාමනාදන්...

IMG 3241

''මම ඒ නීති කාණුවට දාලා නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයට ඇති නිදහසත් රැක ගත්තා''

දොස්තරවරු කොච්චර විරුද්ධ වුනත් මම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරින්න අවසර දුන්නා. නිදහස් අධ්‍යාපනය කනවා කියලා කොච්චර කෑගැහුවත් මම ඉංජිනේරු උපාධි ආයතන 17 ක් විවෘත කළා.

ඒ කාළේ හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරු අන්තරේ ශිෂ්‍යයින්ගේ කෑගැහීමට වෙනත් ආයතන වලට විශ්ව විද්‍යාලය යන නම පාවිච්චි කරන්නත් බැරිවෙන නීති හැදුවා. මම ඒ නීති කාණුවට දාලා නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයට ඇති නිදහසත් රැක ගත්තා...''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top