Sathosa

Jun 08, 2017

''පොලිසියට බැරිනම් හමුදාවට 'වැඩේ' බාරදෙනවා'' - ජනපති Featured

ආගමික හා ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට පොලිසිය බාර වග කිවයුත්තන් තවදුරටත් අසමත් වන්නේ නම්, ඔවුන් එම වගකීම්වලින් ඉවත් කිරීමට තමාට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

එසේම, දිගින් දිගටම සැලසුම් සහගත අයුරින් ආණ්ඩුව අපහසුතාවට පත් කරමින් මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර එල්ල කිරීම මැඬලීමට හා ඊට අදාළ බුද්ධි තොරතුරු ලබාදීමට පොලිසිය අසමත් වේ නම්, එම රාජකාරි කටයුතු හමුදා බුද්ධි අංශවලට පවරන බව ද ජනාධිපතිවරයා පවසයි.

හෙතෙම එබව සඳහන් කලේ ඊයේ (07) පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම් රැස්වීමේදී එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් යොමුකළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර දක්වමිනි.

Mujibor Rahman
මුස්ලිම්වරුන් යළිත් බියෙන් තැතිගෙන .....

ආගමික අන්තවාදී කල්ලියක් විසින් පසුගිය දින කිහිපයෙහි මුස්ලිම් කඩ සාප්පු හා වෙළඳ සැල් 22කට පහරදී ඇති බවත්, පෙරේදා මහරගම මුස්ලිම් ව්‍යාපාරිකයකු ගේ කඩයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත්, ඊයේ දිනයේද එසේ තවත් මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ කඩයකට පහරදී ඇතිබවත් මුජිබර් මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.

ආපදා තත්ත්වය පිළිබඳව සහ රටේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මේ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් සහ හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරුන් මේ පිළිබඳව සිය අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත.

එහිදී හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ඉකුත් දින දෙක තුළ තමා නියෝජනය කරන මැතිවරණ ප්‍රදේශයේදී එවැනි සිද්ධීන් දෙකක් සිදුවී ඇති බවද ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා පියවරක් ගන්නා ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මුස්ලිම් ජනතාව මේවනවිට රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් වසර කිහිපය මුහුණදී සිටි බියජනක තත්වයට මුහුණදී සිටින බව පවසා ඇති මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, වත්මන් රජය මෙවැනි තත්වයක් යටතේ තවදුරටත් නිහඬව සිටීම කිසිඳු ලෙසකින් අනුමත කල නොහැකි බවට චෝදනා කර ඇත.

වගකිව යුතු මහින්දවාදීන් නිදැල්ලේ !

මෙම කාරනා වලට සාවධානව ඇහුම්කම් දී ඇති ජනාධිපතිවරයා, එම චෝදනා අනුමත කරමින් පොලිසිය බාර වගකිව යුත්තන් දැඩි ලෙස විවේචනය කර තිබේ.

මෙසේ ආගමික හා ජාතිවාදී ගැටුම් පිටුපස හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් සිටින බව පෙන්වා දී ජනාධිපතිවරයා, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත්, පොලිසිය විෂය බාරවුවන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් පවසා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top