Jun 10, 2017

අගමැති අද දිවයිනට : හෙට අවතැන්වූවන් බලන්න යයි

සිය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම වෛද්‍ය ප්‍රතිකාර නිම වීමෙන් පසුව අද (10දා) සවස යළි දිවයිනට සැපත් වීමට නියමිත අතර, ඔහු හෙට දිනයේ පසුගියදා ගංවතුරින් අවතැන් වූ ජනතාව හමුවීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ වනවිට ගංවතුරෙන් පීඩාවට ලක්ව තිබෙන ගාල්ල, මාතර, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ආපදාවට පත් ප්‍රදේශයන්හි සංචාරය කර එහි සිටින අවතැන් වූ ජනතාව පිළිබඳව සොයා බැලීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top