Jun 12, 2017

අංගොඩ ලොක්කා ගෙනඒමට ඇමතිකෙනෙක් අකමැත්තෙන් ? Featured

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ ඉන්දීය පොලිසියට කොටුවූ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ලංකාවට ගෙනඒමට විදේශ කටයුතු (ලොතරැයි) අමාත්‍යංශයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදියයුතු ලියවිලි ප්‍රමාදයෙන් ඔහු ගෙනඒම ප්‍රමාදව ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය විසින් උදර්පන නීතිය යටතේ අංගොඩ ලොක්කා ලංකාවට ගෙනඒමට අවශ්‍ය සියළු කටයුතු යොදා ඇති බව පැවසේ.

අංගොඩ ලොක්කාට, පාතාල නායක අරුණ දමිත් උදයංග නොහොත් සමයං ඇතුළු හත්දෙනෙකු කළුතර බන්ධනාගාර බස්රථයක් තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.

මේ ඝතනයේ තවත් ප්‍රධාන සැකකරුවකු වන අතුරුගිරියේ ලඩියා නැමැත්තාද ඉන්දියාවේදී කොටුව ඇති බව පැවසේ.

අංගොඩ ලොක්කාට අමාත්‍යවරයකුගේ සහය ලැබෙන බවට අපරාධ පරීක්ෂණ අංශ සැකකරණ අතර ඒ තත්ත්වය නිසා මේ ප්‍රමාදයන් ඇතිව ඇති බවටද සැකයක් මතුව තිබේ.

ලොක්කා හා ලඩියා පනියි ද ?

මේ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ රැඳවුම් කඳවුරක මොවුන් රඳවා ඇති අතර මේ දෙදෙනා ඉන් පැනයාමට ඉඩ ඇති බවට ද ආරක්ෂක අංශ වෙත සැකපලව තිබේ.

ඩුබායි සිටින මධුෂ් ලංකාවට ගේන්න බැහැ

මේ අතර අදාළ ඝාතනයේ මහ මොළකරු ලෙස සැලැකෙන මාකඳුරේ මධුෂ් නැමැති දකුණු පාතාලයේ ප්‍රධානියා ඩුබායි හි සැඟසිටින බවට තොරතුරු ලැබී ඇත්ත් ඩුබායි හි නීතිරීතිවලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනඒමට නොහැකි තත්ත්වයක් ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top