Pasidol
Sathosa Ad Final Sinhala
Nov 10, 2016

මහින්ද මහත්තයාගේ කතාවට කඳුළු ආවා - ඩිලාන්

චන්ද්‍රිකා ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට  සහය දීම ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන්ගේ ඇස්වලට කඳුළු ආ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ආයුධ වලින් යුද්ධය ජය ගත්තත්  හදවතේ යුද්ධය දිනාගැනීමට තවමත් නොහැකිවීම එලෙස කදුළු ඒමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

" 82 සංවර්ධන සභා ජන්ද කාලේ කොළඹින්  ගිය අය යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා.ඒක හරියට දෙමළ මිනිස්සුන්ගේ මනස ගිනි තිබ්බා වගේ.සුදුනෙළුම් ව්‍යාපාරය,තවලම ව්‍යාපාරය වගේ ඒවා හැදුවේ ඒ  පුස්තකාලය හදන්න.ඒක හොඳ වැඩක්.හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු දේට මට කඳුළු අවා. ඒ කාරණා දෙකක් නිසා.ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහත්මයට ඇයි කියන්න සිද්ධ වුනේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝටම එකතු වෙලා රට හදන්න බැරිකියන කාරණය. අනික තමයි මේ ප්‍රදේශ වල අපි මොනතරම් හොඳට එකට ජීවත් වෙනවද,ඒත් ඇයි මේ ගොඩක් අයට ඒක තේරෙන්නේ නැත්තේ?''

 "ළඟම පාසල හොදම පාසලයි'' ජාතික වැඩසටහනට සමගාමීව හාලිඇල ආසනයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරිම වෙනුවෙන්  මුල්ගල් තැබීමේ උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top