Sathosa

Jun 13, 2017

''සීනි මිලේ ඉහළ යෑමක් නෑ'' - සීනි ආනයනකරුවන්

සීනි ආනයන බද්ද වැඩිකළත් සීනි මිල ඊට සමගාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරිකාරියට ලිඛිතව දන්වා තිබේ.

ඒ අනුව වෙළඳපොළේ සිල්ලර සීනි මිල ඉහළ යෑමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත් එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇති බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිවේදනයකින් සඳහන් කරයි.

සතොස හරහා සීනි කිලෝවක් රුපියල් 102කට උපරිම සිල්ලර මිලකට අලෙවි වෙයි.

ටී - ප්ලේන් ටී මිළ වැඩි වෙයි:

කෙසේවුවද, රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් පැනවීම හේතුවෙන් මේ මස 8 වැනි දින සිට තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මෙතෙක් රුපියල් 15ක්ව තිබූ තේ කෝප්පයක් රුපියල් 20කටත් රුපියල් 35ක්ව තිබූ කිරි තේ කෝප්පයක් රුපියල් 40කටත් විකිණීමට තම සංගමය තීරණය කළ බවද ඒ මහතා පැවැසීය.


සබැඳි පුවත් :

ටී - ප්ලේන් ටී රු5 කින් වැඩි වෙයි
සීනි හා තේ කෝප්පයට ඉරාන්ගෙන් සූත්‍රයක් !
තේ කෝප්පයට සීනි කිලෝ එකක් !
මාළු අඩුවී - සීනි වැඩිවෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top