මහනුවර ඊයේ (12) පැවැති උත්සවයකදී එසේ කී ඇමැතිවරයා එය නුසුදුසු බව තමාද පෞද්ගලිකව සිතන බව ප්‍රකාශ කළේය.
මේ අතර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාළන මැතිවරණය සඳහා දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් රජය පැත්තෙන් අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙකේ දී සුදානම් කර ඒ වගකීම මැතිවරණ කොමසමේ සභාපතිවරයාට පවරන බවත් ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු භේදයක් නැති බවත් සියලු තීන්දු ගනු ලබන්නේ ජනපති සමඟ සාකච්ඡා කර බවත් ජනපති සමඟ රාජපක්ෂ පවුලේ අය හා ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් රජයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු කීය.
එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ඉදිරියේදී එම පිරිස රජයට එක්වන බවද කියා සිටියේය.
ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දුන් එස්.බී.දිසානායක ඇමැතිවරයා එය එතරම් ඔළුවට ගත යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කළේය.
මහින්ද පැරදුනේ මල්ලිලා හන්දයි !
හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූයේ සිය සහෝදරයන් වන ගෝඨාභය සහ බැසින් නිසා බවද ඔහු එහිදී කියා සිටියේය.
ගෝඨා නිසා කතෝලික ඡන්ද පදනමත් නැතිවුණා
විශේෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්රීලනිපය සතුව තිබූ කතෝලික ඡන්ද පදනම 45% සිට 25% දක්වා අඩුවූ බවත් 15% ක්ව පැවති මුස්ලිම් ඡන්ද පදනම 02% දක්වා අඩු වූ බවත් දිසානායක මහතා පැවසීය.