Sathosa

''අවශ්‍ය වුවහොත් පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදාව යෙදවීමට පියවර ගන්නවා'' ''අවශ්‍ය වුවහොත් පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදාව යෙදවීමට පියවර ගන්නවා''
Jun 14, 2017

'අන්තවාදීන්ට එරෙහිව පියවර ගන්නවා' - ආරක්‍ෂක ලේකම් Featured

රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින අන්තවාදී කොටස්‌වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි.

පසුගිය දින කිහිපය ඇතුළත ඇතැම් ප්‍රදේශවල සුළු සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වූ බව ද, ඒවාට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගනිමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා එසේ සඳහන් කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතිවාදී ප්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව ද, ඒවා පිටුපස අන්තවාදී කොටස්‌ සිටින බවට හෙළිදරව් වී ඇතැයි ද කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා එහිදී කීවේය.

අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදාව:

රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ සිදුවන කිසිදු දෙයකට රජයක්‌ වශයෙන් ඉඩ නොතබන බව කී කරුණසේන හෙට්‌ටිආරච්චි මහතා, අවශ්‍ය වුවහොත් පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදාව යෙදවීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් රජයේ පාර්ශ්වයේ එවැනි ඉල්ලීමක් මේ වන තෙක් සිදුකර නොමැති බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කෙළේය.

කෙසේ නමුත් සුළු සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවද, ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් රටේ විශාල ප්‍රශ්නයක් හටගෙන නොමැති බව ද, එසේ ප්‍රශ්නයක්‌ ඇති වීමට කිසිදු ඉඩක්‌ නොතබන බව ද කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top