Sathosa

Jun 14, 2017

"ඡන්ද කල් දමමින් රජය මූලික අයිතිවාසිකම් කඩකරලා"

ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමූ ආකාරයටම පළාත් සභා ඡන්ද විමසීම ද කල් දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍ර‍කාශ කර සිටියි.

සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකවර පැවැත්වීමට අවශ්‍ය බව කියමින් ලබන අගෝස්තු මස අවසන්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්දය කල් දමා ගැනීම සදහා රජය සැලසුම් කරන බව ඔවුන් කියා සිටියි.

පළාත් සභා ඡන්ද විමසීමක් කල් දමා ගැනීමට නම් පාර්ලිමේන්තුව මගින් තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් නව පනතක් සම්මත කර ගත යුතුය.

නමුත් පළාත් සභා ඡන්ද විමසීම කඩින් කඩ පැවැත්වීම සිදු නොකළ යුතු බව පවසමින් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් ඡන්ද විමසීම් කල් දමා ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් උත්සාහ කරන බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.

මේ ආකාරයෙන් ඡන්ද විමසීම් කල් දැමීම ජනතා පරමාධිපත්‍යය,එක්සත් ජාතීන්ගේ ප්‍ර‍ඥප්තිය පමණක් නොව මෙරට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කිරීමක් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

රජයට සියලු මැතිවරණ එක්වර පැවැත්වීමට අවශ්‍යතාවයක් ඇති නම් නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා කාලය අවසන්වීමත් සමගම සියලු පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ එකවිට පැවැත්විය හැකි බව ඔවුන් දක්වයි.

පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය ද ඒ හා සමගම පැවැත්විය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top